Jelly Bean Kids Stories යනු රසවත් ළමා කතා සහ වර්ණවත් සිතුවම් ඔස්සේ දරුවන්ට අලුත් දැනුම, සංකල්ප සහ වටිනා ජීවන පාඩම් හඳුන්වාදෙන ශ්රී ලාංකික ළමා පොත් එකතුවකි.
අපගේ Genius Series පොත් පෙළේ සෑම කතාවක්ම දරුවන්ගේ කුතුහලය, නිරීක්ෂණ හැකියාව, නිර්මාණශීලීත්වය සහ විද්යාත්මක චින්තනය වර්ධනය කිරීමට නිර්මාණය කර ඇත. සරල භාෂාව සහ ළමා හිතකාමී සිතුවම් නිසා දරුවන්ට තනිවම හෝ දෙමාපියන් සමඟ එක්ව කතා රසවිඳීමට හැකියි.
අපගේ අරමුණ
දරුවන්ට ඉගෙනීම බරක් නොව, සතුටින් පිරුණු ගවේෂණයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. සෑම පොතකින්ම විනෝදය සමඟ ප්රායෝගික හා අධ්යාපනික දැනුමක් ලබාදීමට අපි උත්සාහ කරමු.
අපගේ පළමු කතාව
“පාවෙන තාරාවා” — Genius Series හි පළමු පොතයි. මෙම කතාව තුළින් දරුවන්ට වස්තූන් පාවීම සහ ගිලීම (Floating & Sinking) පිළිබඳ මූලික විද්යාත්මක සංකල්ප සරලව හඳුන්වා දෙයි. පොත සමඟ තිබෙන QR Code එක භාවිතයෙන් ශ්රව්ය කතාවටද සවන් දිය හැකියි.
අපගේ නිර්මාණ කණ්ඩායම
- Author: Iresha Umayangani
- Illustrations: Nadee Diwakara
- Publisher: Jelly Bean Publishers
- Printing: Neo Graphics (Pvt) Ltd
අද දරුවන්ගේ සිත් තුළ ඇතිවන පුංචි කුතුහලය, හෙට ලෝකය වෙනස් කරන ලොකු අදහසක් විය හැකියි.