General Information
Jelly Bean Kids Stories යනු රසවත් කතා සහ වර්ණවත් සිතුවම් ඔස්සේ දරුවන්ට අධ්යාපනික සංකල්ප සහ වටිනා ජීවන පාඩම් හඳුන්වාදෙන ශ්රී ලාංකික ළමා පොත් එකතුවකි.
Genius Series හි සෑම පොතක්ම එක් අධ්යාපනික සංකල්පයක් ළමා හිතකාමී කතාවක් තුළින් සරලව ඉදිරිපත් කරයි.
කුඩා දරුවන්ට, දෙමාපියන් සමඟ කතා කියවන දරුවන්ට සහ පෙර පාසල් හා ප්රාථමික අධ්යාපනය ලබන දරුවන්ට මෙම පොත් සුදුසුය.
Jelly Bean Kids Stories පොත් පෙළේ කතුවරිය Iresha Umayangani ය.
දැනට අපගේ මුද්රිත පොත් සිංහල භාෂාවෙන් ලබාගත හැකිය.
ඔව්. ශ්රව්ය පහසුකම සහිත පොත්වල QR Code එක scan කිරීමෙන් අදාළ ශ්රව්ය කතාවට සවන් දිය හැකිය.
අපගේ වෙබ් අඩවිය හරහා online order කිරීමෙන් හෝ WhatsApp මඟින් අප හා සම්බන්ධ වීමෙන් පොත් මිලදීගත හැකිය.
අපගේ Facebook, Instagram සහ TikTok ගිණුම් follow කිරීමෙන් නව පොත්, ශ්රව්ය කතා සහ විශේෂ දීමනා පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
Products & Services
පොතේ ඇති QR Code එක දුරකථනයෙන් scan කිරීමෙන් අදාළ ශ්රව්ය කතා පිටුවට පිවිස සවන් දිය හැකිය.
නැහැ. ශ්රව්ය කතා පහසුකම පොත සමඟ ලබාදෙන අමතර ඉගෙනුම් අත්දැකීමකි.
දැනට ප්රධාන වශයෙන් මුද්රිත පොත් ලබාගත හැකිය. eBook සංස්කරණ ලබාදෙන විට වෙබ් අඩවිය සහ සමාජ මාධ්ය ඔස්සේ දැනුම් දෙන්නෙමු.
ඔව්. පාසල්, පෙර පාසල්, පුස්තකාල සහ ළමා අධ්යාපන ආයතන සඳහා පොත් ලබාගත හැකිය.
ඔව්. පාසල්, පොත් වෙළඳසැල් සහ ආයතන සඳහා bulk orders ලබාගත හැකිය. මිල සහ ලබාගත හැකි ප්රමාණ පිළිබඳ විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
ඔව්. Delivery තොරතුරු ඇතුළත් කිරීමේදී පොත ලැබිය යුතු පුද්ගලයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ලබාදෙන්න.
Shipping & Delivery
Delivery ගාස්තුව ඇණවුමේ ප්රමාණය සහ බෙදාහැරීමේ ලිපිනය අනුව වෙනස් විය හැකිය. Checkout පිටුවේදී අදාළ ගාස්තුව පෙන්වයි.
සාමාන්යයෙන් වැඩ කරන දින 2–5ක් ඇතුළත ඇණවුම ලැබේ. දුරස්ථ ප්රදේශ, නිවාඩු දින සහ කුරියර් ප්රමාදයන් නිසා කාලය වෙනස් විය හැකිය.
Order number එක සමඟ WhatsApp හරහා අප හා සම්බන්ධ වීමෙන් ඇණවුමේ තත්ත්වය දැනගත හැකිය.
ඔව්. එම පහසුකමට අමතරව Checkout පිටුවේ payment option කිහිපයක් ඇත
ඇණවුම කුරියර් සේවයට භාරදීමට පෙර හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න. Dispatch කළ පසු ලිපිනය වෙනස් කිරීමට නොහැකි විය හැකිය.
වැරදි තොරතුරු නිසා delivery ප්රමාද වීමට හෝ parcel එක නැවත අප වෙත පැමිණීමට හැකිය. නැවත යැවීම සඳහා අමතර delivery ගාස්තුවක් අය විය හැකිය.
ලැබුණු පැය 24ක් ඇතුළත order number එක සහ පොතේ හානිය පැහැදිලිව පෙනෙන ඡායාරූප WhatsApp මඟින් අපට එවන්න.
කුරියර් සේවාව ඔබව සම්බන්ධ කර නැවත භාරදීමට උත්සාහ කළ හැකිය. නැවත බෙදාහැරීම සඳහා අමතර ගාස්තුවක් අය විය හැකිය.
ඔව්. එක් ඇණවුමකට පොත් කිහිපයක් එකතු කළ හැකිය. අවසාන delivery ගාස්තුව Checkout පිටුවේදී පෙන්වයි.
දැනට international shipping ලබාදෙන්නේද යන්න සහ අදාළ ගාස්තු පිළිබඳ විස්තර සඳහා ඇණවුම් කිරීමට පෙර අප හා සම්බන්ධ වන්න.
Services We Offer
ඔව්. පොත් ප්රදර්ශන සහ Book Fair වෙළෙඳ කුටි සඳහා අවශ්ය ප්රමාණයට පොත් විශේෂ වට්ටම් යටතේ ලබාගත හැකිය. මිල ගණන් සඳහා කල්තියා අප හා සම්බන්ධ වන්න.
ඔව්. පොත් වෙළෙඳසැල්, බෙදාහරින්නන් සහ ව්යාපාරික ආයතන සඳහා තොග මිලට පොත් ලබාදෙමු. වට්ටම ඇණවුම් කරන ප්රමාණය අනුව තීරණය වේ.
ඔව්. පාසල්, පෙර පාසල්, ළමා සංවර්ධන මධ්යස්ථාන සහ අධ්යාපන ආයතන සඳහා විශේෂ මිල ගණන් යටතේ පොත් ලබාගත හැකිය.
ඔව්. පාසල්, ප්රජා සහ පෞද්ගලික පුස්තකාල සඳහා තනිව හෝ පොත් කට්ටල වශයෙන් ලබාගත හැකිය.
ඔව්. ළමා නිවාස, දුෂ්කර ප්රදේශවල පාසල් සහ සමාජ සේවා ව්යාපෘති සඳහා සිදුකරන පොත් පරිත්යාග වෙනුවෙන් අප හා සම්බන්ධ විය හැකිය. වැඩසටහන සහ අවශ්ය ප්රමාණය අනුව සහය ලබාදීමට අපි සලකා බලන්නෙමු.
පරිත්යාගයේ අරමුණ සහ පොත් ප්රමාණය අනුව විශේෂ මිලක් ලබාදීමට හැකියාව පරීක්ෂා කරනු ලැබේ. අදාළ ආයතනය සහ වැඩසටහන් විස්තර අපට ලබාදෙන්න.
ඔව්. පොත් වෙළෙඳසැල්, online sellers සහ අනුමත නැවත විකුණුම්කරුවන් සඳහා wholesale පදනම යටතේ පොත් ලබාගත හැකිය.
අවශ්ය පොත් ප්රමාණය සහ පවතින තොගය අනුව සැපයුම් කාලය වෙනස් වේ. විශාල ඇණවුම් සඳහා අවශ්ය දිනයට පෙර කල්තියා අප හා සම්බන්ධ වීම සුදුසුය.
ඔව්. Wholesale සහ bulk-order වට්ටම් සඳහා අවම පොත් ප්රමාණයක් අදාළ විය හැකිය. මිල ගණන් සහ කොන්දේසි සඳහා WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න.